සිරිලක ගඟන තලේ
තරුවකි අගනා ඔබ මෑණි
සිරි සරු ඵල බර මා රුක් සෙවණේ
සුමේධ මහ විදුහල බැබලේ....
දෑ හිතකාමි හෙළ දරුවෝ
ඔබ සෙවණේ ඉගෙනුම ලැබුවෝ
රට දැය නංවන දු දරුවන් සැදු...//
සුමේධ මහ විදුහල බැබලේ...
ගණිත මිණිත විදු ශිල්ප කලා
දස්කම් විස්කම් ඔප නංවා
නව ලොවකට යන මඟ සලසා දුන්...//
සුමේධ මහ විදුහල බැබලේ...
දස දෙස සුපතල මහ විරුවන් සැදු
හෙළ කිතු ගොස නිරතුරු රැන්දු
බාධක බිද හැර ඉදිරියටම යන...//
සුමේධ මහ විදුහල බැබලේ....
සුමේධ මහ විදුහල බැබලේ....
නව සංගීත සුසංයෝජනය - සුධර්මා දේවප‍්‍රියානි නාගසිංහ සනත් රෝහන අලහකෝන්.
ගායනය - රුසිරු ඉදුවර, නේක්ක්‍ෂ ප්‍රෙමෝද්, දිල්කි දිව්‍යංජනී, හසිත් හේසර, නෙත්මි දර්ශනී, ටෙෂ්මි නෙත්මා, හිරුණි රන්දිමා, තරුෂි දිල්හාරි.