- පෙ.ව 7.00 ට පෙර පාසලට පැමිණිය යුතුය.
- චාම්ව ,පිරිසිදුව, ක්‍රමානුකූලව පාසල් නිල ඇදුම සකස් විය යුතුය
- 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යයන්ට නිල්කොට කලිසම , අත්කොට සුදු කමිසයද (යටකර)ඇදිය යුතුය. (කලිසමට ඉලස්ටික් නොදැමිය යුතු වේ.)
- 10 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යන්ට සුදු දිග කලිසම , අත්කොට සුදු කමිසය ද (යටකර ඇදිය යුතු වේ .)
- ශිෂ්‍යයන්ගේ කලිසම් වල ඉදිරිපස රැලි දෙකක් සහිත වීම අනිවාර්ය වේ
- 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යාවන්ට සුදු ඇදුම (රැලි සහිත සාය ) සහ කරපටිය ඇදිය යුතුය.
- විද්‍යාලය මෝස්තර , විලාසිතාගාරයක් නොවන බව තරයේ සිහි තබා ගතයුතුය .
- විද්‍යාලයට හා ශිෂ්‍යයන්ට නොගැලපෙන ලෙස වටිනා පාවහන් ,පළදනා,ආභරණ පාවිච්චි නොකීරිම .
- පාසලේ විනයට බාධා ඇතිකරන කිසිම මෙවලමක් හෝ උපකරණයක් රැගෙන නො ආයුතුය .
- පාසලට ගැලපෙන ලෙස කොණ්ඩය සකසාගෙන පැමිණිය යුතුය.
- සිසු අත්පොත දිනපතා රැගෙන ආ යුතුය .
- සහතික පත්‍ර නිකුත් කරනුයේ බදාදා දිනවල පමණි.
- සහතික පත්‍ර ලබාගැනීමට පැමිණීමදී සිසු අත්පොත රැගෙන පැමිණීම අනිවාර්ය වේ.
- අසනීපයෙන් පෙලෙන විට හෝ විදුහල්පති තුමාගේ කලින් ලබාගත් අවසරයක් ඇතිව හෝ මිස අන්කිසිම කරුණක් සදහාවත්පාසලට නොපැමින නොසිටිය යුතුය .නොපැමිනීමට හේතුව සිසුඅත්පොතේ නියම්ත තීරුවේ තම භාරකරුවා ලවා සටහන් කර ගෙන ශ්‍රේණිභාර ආචාර්යවරයාට නාමලේඛනය ලකුණු කරන අවස්තාවේ ඉදිරිපත් කර යුතුය .නොපැමිණී දින ගණන සතියක් ඉක්මවන කළ Medical Report ඉදිරිපත් කලයුතුය .
- පාසල් කාලය තුල ළමුන්ට ගෙදර යාමට ඉඩ නොලැබේ .
- පාසල තුල අනුමැතියකින් තොරව මුදල් රැස් කිරීම සහ අනවශ්‍ය ලෙස වෙනත් පන්ති කාමර අසල ගැවසීමෙන් වැලකිය යුතුය .
- විද්‍යාලයේ බාහිර සමති හෝ සමාගම් වල නිලතල හෝ සාමාජිකත්වය හෝ ලබාගැනීම සපුරා තහනම් වෙයි .එසේ කල යුත්තේ විදුහල්පති තුමාගෙ පූර්ව අනුමැතිය ඇතිවය.
- සෑම සිසුවකුටම පාසල් සීනුවට අවනත විය යුතුය .
- උදෑසන වතාවත් සහ ඡත්තමානවක ගාථා විකාශනය කරන අවස්තාවන් හීදි සිසුන් තමා රැදී සිටින ස්ථානයේම රැදි සිටිය යුතුය.
විද්‍යාලයෙන් බැහැරදී වුවද සිසුන් වෙත එල්ලවන හැසිරීම් පිලිබදව චෝදනා ගැන විශේෂයෙන් සොයා බලා සුදුසු පරිදි පියවර ගනු ඇත.
- විදුහලට අගෞරවයක් සිදුවන අයුරු හැසිරෙන සිසුනට තදබල විනයානුකූලව දඬුවම් ලැබෙනු ඇත.